Genso

සූර්ය බලශක්තියේ ප්‍රගතිශීලී හැරවුම

අප රටට අවශ්‍ය විදුලි බල උත්පාදනය කිරීමට ලබා ගන්නා මුලාශ‍්‍ර 100% ක් පුනර්ජනනීය ප‍්‍රභව වලින් වසර 2050 වන විට ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි. මෙහිදී විදුලි පාරිභෝගිකයන් ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක‍්‍රියාවලියට සම්බන්ධ කරගනිමින් තම නිවෙස්වල වහල මත ඉදි කෙරන කුඩා සූර්ය බලාගාර ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන 'සූර්ය බල සංග‍්‍රාමය' ලෙස සාර්තකව දියත්කොට ඇත. මේ යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. මේ වැඩ පිලිවෙලෙහිදී ජෙන්සෝ සෝලා ආයතනය ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටින අ අතර අපගේ ඉංජිනේරු කණ්ඩායම ඔබගේ නිවාස හෝ පරිශ‍්‍රය සුර්ය බලශක්තියෙන් බලගැන්වීමට අවශ්‍ය සියළුම තාක්ෂණ සහ ව්‍යාපෘති කටයුතු ඉටුකරදීමට සුදානමින් සිටී.


ඔබේ නිවස ඉදිරි වසර 25ටම විදුලි බිලෙන් නිදහස් කිරීමට අප සූදානම්. ඒ සඳහා මේ විස්තර දැන්ම අප වෙත යොමු කරන්න..











House details

ඔබගේ විදුලි පරිභෝජන රටාව හා කැමැත්ත අනුව සුදුසුම යෝජනා ක්‍රමය තෝරාගත හැක

ශුද්ධ මණුකරන ක්‍රමය


Net Metering

වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් ඇත්නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වීම.




ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය


Net Accounting

වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් අතිරේක ඒකක ප්‍රමාණය සඳහා විදුලිබල මණ්ඩලය මගින් ඉහත වගුවේ සඳහන් පරිදි නිවාස හිමියාට මුදල් ගෙවීම කරයි.





නෙට් ප්ලස් ක්‍රමය


Net Plus

වහල මත සවිකරණ සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන සම්පූර්ණ විදුලි ඒකක ගණන විදුලිබල මණ්ඩලය විසින් ඉහත වගුවේ සඳහන් මිල ගණන් පරිදි නිවාස හිමියාගෙන් මිලදී ගෙන ගෙවීම් සිදු කරනු ලබයි.

නිවසේ බිල්පත දැනට ගෙවන පරිදිම ගණනය කර ගෙහිමියා විසින් මණ්ඩලයට ගෙවීම් සිදුකළ යුතුය.



මෙම ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබ තෝරාගන්නා ක‍්‍රමය අනුව විදුලි බිල සඳහා වැයවන මුදල සම්පුර්ණයෙන්ම උපයා ගත හැකි වීම.

වසර 7ක් තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක සහනදායි ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.

ජාතික විදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්ය විදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම.

සුර්යබල සංග‍්‍රාමයේ ඉදිරිපත්කොට ඇති යෝජනා ක‍්‍රම තුනෙන් එක ක‍්‍රමයකට අනුගතව දිවයියන් ඕනෑම ස්ථානයක විදුලි පාරියභෝගිකයෙකුට ප‍්‍රතිලාභ ලැබිය හැකි වීම.

ජාතික විදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්ය විදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම.

මෙම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප‍්‍රභවයක් බැවින් ගල් අගුරු හා පොසිල ඉන්ධන සඳහා වැය වන විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ඉතිරි වේ.

  • පරිසර හිතකාමි සූර්ය බලශක්ති භාවිතය මගින් වාර්ෂිකව මෙ.ටො. 150,000 ක පමණ CO2 වායු විමෝචන ඉතුරුවක් සිදුවේ.

  • කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර දිවයින පුරා විසිරි ඇති බැවින් විදුලි බලශක්තියේ සමතුලිතතාවයට අවම බලපෑමක් ඇති කරයි.

  • විදුලිබල සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීමේ හානි අවම වේ.

  • දැනුවත් ප‍්‍රජාවක් හා පරිසර සංරක්ෂණයට යොමු වු ජනතාවක් විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයක්.

  • වර්ෂ 2025 වන විට ජාතික බල පද්ධතියේ 1000 ඵඋ ධාරිතාවක් සූර්ය බලශ්ක්ති විදුලි බලය මගින් ලබාදීම.

මේ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද ?


  • ඔබේ නිවස හෝ ආයතන පරිශ‍්‍රය සඳහා තාක්ෂණ හා ආයෝජන ඇගයීම් වාර්තාවක් සකස් කර ගැනීම

  • බැංකු ණය අවශ්‍යනම් අදාළ වාර්තාව ණය අනුමැතිය සඳහා යොමු කිරීම.

  • ණය අනුමත වූ වාර්තාවට අනුකූලව අදාළ තාක්ෂණ ආයතනය හරහා පද්ධතිය ස්ථාපනය කර ගැනීම.

  • නිෂ්පාදනය වන බලශක්ති හුවමාරුව සඳහා රාජ්‍යය විදුලිබල සැපයුම්කරු සමඟ ගිවිසුම් ගත වීම.

  • සුර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රගතිශීලි හැරවුම සමඟ ඔබත් එක්වන්න