Genso

EMERGENCY ASSEMBLY POINT LIGHTING

සූදානම්ව සිටිමු - ජීවිත රැසක් සුරකිමු

Be Prepared - Save Many Lives


හදිසි අනතුරු විවිධාකාරයි. එය ගින්නක්, පිපිරීමක්, විදුලි කාන්දුවක්, විෂවායු කාන්දුවක්, රසායනික අසාත්මිකතාවක් හෝ වෙනයම් දෙයක් වෙන්න පුළුවන්. හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ස්වභාවික අනපේක්ෂිත සාධකයක් වෙන්න පුළුවන්... දවල් රෑ වේලාවේ වෙනසක් නැතිව, වැඩ නිවාඩු ඕනෑම දවසක, ඕනෑම තැනක මෙවැනි හදිසි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්..

හදිසි තත්වයකට මුහුණදීමට ඔබ සහ ඔබේ අවට පරිසරය සූදානම්ද?



හදිසි තත්ත්වයකදී එම ස්ථානයෙන් වහාම ඉවත් වෙලා ආරක්ෂිත තැනකට එකතු වෙන්න කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ... එක් එක් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාවට වගේම, ගළවා ගැනීමේ කටයුතු වලට සහ ප්‍රථමධාර කටයුතු වලටත් මෙය පහසුවක්.. ඒත්,

  • ඔබ ඔබේ ආයතනයේ එවැනි ආරක්ෂා සහිත, ගළවා ගැනීමේ කණ්ඩායම් වලට පහසුවෙන් ළඟා විය හැකි විවෘත ස්ථානයක් ගැන දැනුවත් ද ??

  • ඔබ ආයතන පරිපාලනයට සම්බන්ධ අයෙක් නම් එවැනි තැනක් නම්කර ඔබේ කාර්යමණ්ඩලය, ශිෂ්‍යයන්, තට්ටු ගොඩනැගිල්ලේ වාසය කරන්නන් හෝ ඔබේ හෝටලයේ සංචාරයකයන් එම ස්ථානය ගැන දැනුවත් කර තිබේද..??

  • රාත්‍රි කාලයේදී සිදුවන හදිසි ගිනි ගැනීමක දී, ජේනරේටර ඇතුළු සියලු විදුලි පද්ධතින් ස්වයංක්‍රීයව ම අක්‍රීය වී, ඔබේ පරිශ්‍රය අඳුරේ ගිලී යන බව ඔබ දන්නවාද..?

  • හදිසි රැස්වීම ස්ථානයක් නම්කර තිබුණත්, මෙවැනි විදුලි බිඳවැටීමකදී එම ස්ථානය සොයා ගැනීම පවා අපහසු වන අතර, ඒ සඳහා ඔබේ විදුලි පද්ධතියෙන් ස්වාධීනව ක්‍රියාත්මකවන ආලෝක කුළුණක් තිබීම අත්‍යාවශ්‍ය බව ඔබ දන්නවාද..??

එසේ නම් මෙම විසඳුම ඔබ අදම ඔබේ පරිශ්‍රයට අදම එක්කර ගන්න.. ඔබෙත් අන් අයගෙත් ජීවිත ආරක්ෂාව තහවුරු කරගන්න.

හදිසි රැස්වීම් ස්ථාන ආලෝකකරන පද්ධතිය

(EAP - Emergency Assembly Point Lighting System)


විශේෂ ලක්ෂණ (Special Features)

  • සූර්ය බලශක්තියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. (Solar Powered - Fully Automatic- Motion Sensor Integrated)

  • දුරක සිට හඳුනා ගත හැකි ලෙස වර්ණ ආලෝක නිකුත් කරයි. (Serially Colored Back Light). ඉහළ දීප්තිමත් බවකින් යුක්තයි. (High Illumination Power > 5000 lm)

  • හදිසි තත්ත්වයකදී අනතුරු හැඟවීමේ ශබ්ද සංඥාවක් නිකුත් කරයි. (Emergency Siren)

  • වරක් දුටු කෙනෙකුගේ මනසේ හොඳින් තැන්පත් වන, අවධානය යොමුවන ආකාරයට සැලසුම් කොට ඇත

  • පිරිස් ගැවසෙන ස්ථාන සඳහා වඩාත් වැදගත් වේ. (Factories, Hotels, Apartment Rooftop, Supermarkets, Schools, Exhibition Halls, Public Gathering Halls)

  • අවම නඩත්තුව සහිතව වසර 10 ඉක්මවා අඛණ්ඩව ක්‍රියාත්මක වන තාක්ෂණයෙන් උසස් උපාංග පද්ධතියකි


සූදානම්ව සිටිමු - ජීවිත සුරකිමු

Be Prepared - Save Many Lives

ඔබේ ආයතනයේ, ව්‍යාපාරයේ, කාර්යාලයේ හෝ නිවාස සංකීර්ණයේ ආරක්ෂාව සඳහා වැදගත් වන මෙම උපාංග පද්ධතිය කඩිනමින් ස්ථාපනය කිරීමට සහ අවශ්‍ය නඩත්තු කිරීමට අපගේ තාක්ෂණ අංශය සූදානම්ව සිටී. මේ විසඳුම පිලිබඳ තව දුරටත් විස්තර දැන ගැනීමට ඔබේ තොරතුරු අප වෙත යොමු කරන්න.