Genso

රිවි බල සවි ණය යෝජනා ක්‍රමය

සාක්කුවට බරක් නැතුව ඔබේ නිවසටත් සූර්ය පැනලයක්

අධික විදුලි බිල් සඳහා ඔබට සහනයක් වීමට රජයෙන් අලුත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා. Enterprise Sri Lanka වැඩසටහන යටතේ රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම නිසා දැන් ඔබට මූලික වියදමක් නැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගන්න පුළුවන්.

පොලියෙන් භාගයක් රජයෙන්...

සාමාන්‍යයෙන් 13.5% ක් ඉක්වමන බැංකු පොලියෙන් භාගයක් මෙහිදී රජයෙන් ගෙවනවා. මේ නිසා සියයට 6.75% ක ඉතා පහසු පොලී අනුපාතිකයක් යටතේ වසර පහක කාලයක් සඳහා ඉතා පහසුවෙන් මේ ණය ගත හැකියි.


පැනල 5ක පද්ධතියෙන් විදුලි ඒකක 200ක් නොමිලේ...

මේ හරහා ඔබට ලැබෙන රුපියල් ලක්ෂ තුන හමාරක ( Rs. 350 000/=) මූලික මුදලින්, සූර්ය පැනල පහක් (4) සහ කිලෝ වොට් එකහමාරක (1.5KW) ඉන්වටරයක් සහිත සූර්ය බලශක්ති පද්ධතියක් පිළිගත් තාක්ෂණ ආයතනයක් හරහා සවිකරගත හැකියි. එමගින් විදුලි ඒකක එකසිය අසූවක් (180 Units) දක්වා නොමිලයේ පාවිච්චි කරන්න ඔබට පුළුවන් වෙනවා.මාසික විදුලි බිල ඉතිරිය ණය වාරිකයට...

ඔබේ මාසික ණය වාරිකය වෙන්නේත් රුපියල් හරියටම රුපියල් හයදහස් පන්සීයක (6500/=). මේ නිසා ඔබට අමතර බරක් නැතිවම මේ ණය ගෙවන්න පුලුවන්. අවුරුදු පහෙන් පස්සේ ණයෙන් වගේම බිලෙනුත් ඔබ නිදහස්.. මේ බලශක්ති පද්ධතිය අවුරුදු විසිපහක (25Yrs) කාලයක් වගකීමක් සහිතව පාවිච්චි කළ හැකියි.

මේ සඳහා ඔබ කරන්න ඕන, අපේ නියෝජිත මහතෙකු සම්බන්ධ කරගෙන ඔබේ නිවසට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ගන්න එක. බැංකුව හරහා ණය පහසුකම සකස් කර දීමට වගේම විදුලි ජාලය සමඟ සම්බන්ධ වීමේ කටයුතු වලටත් ඔහු උදව් වේවි.

මේ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද ?


  • ඔබේ නිවස හෝ ආයතන පරිශ‍්‍රය සඳහා තාක්ෂණ හා ආයෝජන ඇගයීම් වාර්තාවක් සකස් කර ගැනීම

  • බැංකු ණය අවශ්‍යනම් අදාළ වාර්තාව ණය අනුමැතිය සඳහා යොමු කිරීම.

  • ණය අනුමත වූ වාර්තාවට අනුකූලව අදාළ තාක්ෂණ ආයතනය හරහා පද්ධතිය ස්ථාපනය කර ගැනීම.

  • නිෂ්පාදනය වන බලශක්ති හුවමාරුව සඳහා රාජ්‍යය විදුලිබල සැපයුම්කරු සමඟ ගිවිසුම් ගත වීම.

  • සුර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රගතිශීලි හැරවුම සමඟ ඔබත් එක්වන්න