Genso

ඔබගේ ව්‍යාපාරයේ පාලනය කල නොහැකි අධික විදුලි බිල ඔබට හිසරදයක්ද?

එවැනි අධික විදුලි බිලක් ප්‍රතිලාභයක් කරගත හැකි කදිම විසදුමක් මෙන්න අපෙන්,

සූර්යබල ශක්ති තාක්ෂණය ඔස්සේ ඔබගේ දෛනික විදුලි පරිභෝජන ඒකක ප්‍රමාණය ඉක්මවා විදුලි ඒකක, නිෂ්පාදනය කර එය ප්‍රධාන විදුලි ජාලයට එකතු කිරීමට මෙහිදි අප විසින් සිදු කෙරෙයි.

එහිදී දෛනිකව නිෂ්පාදනය වූ අතිරික්ත විදුලි ඒකක ප්‍රමාණය මාසය අවසන ඔබට ඉහළ ආදායමක් උපයා ගැනීමට අනඟි අවස්ථාවක් උදාකර දෙයි..

මෙම සූර්ය බලශක්ති පැනල පද්දතිය උදෙසා ඔබ කරන ආයෝජනය වසර 3ක් සහ 5ක් අතර කාලයකදී පියවා ගැනීමට ඔබට පහසුවෙන් පුලුවන.

අප විසින් භාවිතා කරන ඉහළ ප්‍රමිති යුතු උපාංග හේතුවෙන් ඔබට අවුරුදු 25ක කාලයක් ඉක්මවා වුවද කිසිදු වෙනසක් නොවී ඝෘණ විදුලි බිලක් ඔබට ලබා දීම අපේ ඒකායන අරමුණයි..


මම යට කරපු මුදල මේ වෙනකොට හම්බ කරලා ඉවරයි...

- APEX අධ්‍යාපන ආයතන ප්‍රධානී, වෛද්‍ය දර්ශන උකුවෙල මහතා...

මම මගේ Apex පුද්ගලික අධ්‍යාපන ආයතනයට සූර්ය බලශක්තිය එක් කරලා දැනට අවුරුදු තුනයි. මේ අවුරුදු තුනක කාලය තුළ ආයතනයේ ලැබුණු විදුලි බිල ඉතිරිය, මම ආයෝජනය කරපු මුදල ඉක්මවා ගිහින්. ඉදිරි අවුරුදු විස්ස ඉක්මවා ලැබෙන මාසික ඉතිරිය ආයතනයට ලාභයක්. නිවැරැදි තාක්ෂණය යොදාගෙන, නිවැරැදි සේවා සපයන්නකුගේ සහාය ඇතිව කරන සූර්ය බලශක්ති ආයෝජනයක් කිසිසේත්ම වරදින්නේ නෑ.. තමන්ගේ නිවසට, ව්‍යාපාරයට සූර්ය පැනල සවි කරන්න හිත හිත ඉන්න අයට මේක කදිම ආදර්ශයක්..

අද හුඟ දෙනෙක් දැඩි හිරු එළියට දොස් කියනවා.. ඒත් මම ඒ ගැන සතුටු වෙනවා.. මේ දැවෙන සූර්යයා මගේ මිතුරෙකු කරන්න සහාය වෙමින් මේ ව්‍යාපෘතිය මට හඳුන්වා දුන්, Genso Solar ඉංජිනේරු ආයතනයේ ව්‍යාපෘති කළමනාකාර රංග ෆර්නැන්ඩු මහතාට (0711692639) මගේ විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕන..


ඔබගේ විදුලි පරිභෝජන රටාව හා කැමැත්ත අනුව සුදුසුම යෝජනා ක්‍රමය තෝරාගත හැක

ශුද්ධ මණුකරන ක්‍රමය


Net Metering

වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් ඇත්නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වීම.




ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය


Net Accounting

වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් අතිරේක ඒකක ප්‍රමාණය සඳහා විදුලිබල මණ්ඩලය මගින් ඉහත වගුවේ සඳහන් පරිදි නිවාස හිමියාට මුදල් ගෙවීම කරයි.





නෙට් ප්ලස් ක්‍රමය


Net Plus

වහල මත සවිකරණ සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන සම්පූර්ණ විදුලි ඒකක ගණන විදුලිබල මණ්ඩලය විසින් ඉහත වගුවේ සඳහන් මිල ගණන් පරිදි නිවාස හිමියාගෙන් මිලදී ගෙන ගෙවීම් සිදු කරනු ලබයි.

නිවසේ බිල්පත දැනට ගෙවන පරිදිම ගණනය කර ගෙහිමියා විසින් මණ්ඩලයට ගෙවීම් සිදුකළ යුතුය.



මෙම ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබ තෝරාගන්නා ක‍්‍රමය අනුව විදුලි බිල සඳහා වැයවන මුදල සම්පුර්ණයෙන්ම උපයා ගත හැකි වීම.

වසර 7ක් තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක සහනදායි ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.

ජාතික විදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්ය විදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම.

සුර්යබල සංග‍්‍රාමයේ ඉදිරිපත්කොට ඇති යෝජනා ක‍්‍රම තුනෙන් එක ක‍්‍රමයකට අනුගතව දිවයියන් ඕනෑම ස්ථානයක විදුලි පාරියභෝගිකයෙකුට ප‍්‍රතිලාභ ලැබිය හැකි වීම.

ජාතික විදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්ය විදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම.

මෙම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප‍්‍රභවයක් බැවින් ගල් අගුරු හා පොසිල ඉන්ධන සඳහා වැය වන විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ඉතිරි වේ.

  • පරිසර හිතකාමි සූර්ය බලශක්ති භාවිතය මගින් වාර්ෂිකව මෙ.ටො. 150,000 ක පමණ CO2 වායු විමෝචන ඉතුරුවක් සිදුවේ.

  • කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර දිවයින පුරා විසිරි ඇති බැවින් විදුලි බලශක්තියේ සමතුලිතතාවයට අවම බලපෑමක් ඇති කරයි.

  • විදුලිබල සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීමේ හානි අවම වේ.

  • දැනුවත් ප‍්‍රජාවක් හා පරිසර සංරක්ෂණයට යොමු වු ජනතාවක් විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයක්.

  • වර්ෂ 2025 වන විට ජාතික බල පද්ධතියේ 1000 ඵඋ ධාරිතාවක් සූර්ය බලශ්ක්ති විදුලි බලය මගින් ලබාදීම.

මේ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද ?


  • ඔබේ නිවස හෝ ආයතන පරිශ‍්‍රය සඳහා තාක්ෂණ හා ආයෝජන ඇගයීම් වාර්තාවක් සකස් කර ගැනීම

  • බැංකු ණය අවශ්‍යනම් අදාළ වාර්තාව ණය අනුමැතිය සඳහා යොමු කිරීම.

  • ණය අනුමත වූ වාර්තාවට අනුකූලව අදාළ තාක්ෂණ ආයතනය හරහා පද්ධතිය ස්ථාපනය කර ගැනීම.

  • නිෂ්පාදනය වන බලශක්ති හුවමාරුව සඳහා රාජ්‍යය විදුලිබල සැපයුම්කරු සමඟ ගිවිසුම් ගත වීම.

  • සුර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රගතිශීලි හැරවුම සමඟ ඔබත් එක්වන්න